Saturday, April 20, 2024

General line - 0115112241

90වන ඔස්කාර් සිනමා සම්මාන දිනූ හොඳම සිනමා පටය මෙන්න (PHOTOS)

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




90වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල දී මේ වනවිට වසරේ හොඳම චිත‍්‍රපටය නම් කර තිබෙනවා.

ඒ අනුව එම සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත්තේ The Shape of Water චිත්‍රපටයයි.

හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වු නම් පහතින් දැක්වෙයි. 

  • Call Me By Your Name
  • Darkest Hour
  • Dunkirk
  • Get Out
  • Lady Bird
  • Phantom Thread
  • The Post

 

---------------------------------

90වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල ඇරඹෙයි (PHOTOS)

(05-03-2018 08:50)

 

90වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල මේ වනවිට ආරම්භ වි තිබෙනවා.

ඒ, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදීයි. සම්මාන උළෙලට පැමිණෙන හොලිවුඩ් තරු පිළිගැනුනේ රතු පලස මතින්.

මෙවර ඔස්කාර් සම්මාන උළෙල මෙහෙයවන්නේ අමෙරිකාවේ සුප‍්‍රකට රූපවාහිනී නිවේදක ජිමී කිමෙල්. කාගේත් අවධානය යොමුව තිබෙන වසරේ හොඳම චිත‍්‍රපටය සඳහා මේ වන විටත් චිත‍්‍රපට කිහිපයකම නම් යෝජනා වී තිබෙනවා.

ඒ අතරින් ජෝර්ඩන් පීල්ගේ අධ්‍යක්ෂණයක් වන ‘‘ගෙට් අවුට්’’ චිත‍්‍රපටය ද අයත්. ඊට අමතරව කෝල් මී බයි යු ආර් නේම්, ඩාකස්ට් අවර්, ඩන්කර්ක්, ලේඩි බර්ඞ් සහ ද ශේෂ් ඔෆ් වෝටර් යන චිත‍්‍රපටද හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා. 

මිට පෙර පැවැති ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උළෙලෙදී බොහෝ නළු නිළියන් කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණියා. ඒ, හොලිවුඩයේ සිදුවන ලිංගික හිංසනයන්ට විරෝධය පළ කිරිමේ අරමුණින්.

එහෙත් ඔස්කාර් සිනමා උළෙලේ රතු පලස මතින් එලෙස පැමිණි කිසිඳු නළු නිළියන් පිළිබඳව මෙතෙක් වාර්තා පළව නැහැ.