Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව බර්ලින් සංචාරක ව්‍යාපාර ප්‍රදර්ශණයට සහභාගිවෙයි




52 වැනි වරටත් බර්ලින් නුවර වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාර ප්‍රදර්ශණයට අති උත්සවාකාරයෙන් ආරම්භ වුනා.

රටවල් 186 කින් සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින සමාගම් 10000 කට අධික ප්‍රමාණයක් දින පහක් තිස්සේ ඔවුන්ගේ විවිධ නිෂ්පාදනයන් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනවා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය සමග නිවාඩු නිකේතන සහ සංචාරක නියෝජනය කරන සමාගම් රැසක් මෙවරද බර්ලින් නුවරට පැමිණ සිටින අතර
ශ්‍රී ලංකාව සඳහාම වෙන් කල කොටසේ සංචාරක සමාගම් කුටි විශාල ප්‍රමාණයක් ඇති අතර එම සමාගම් අතර සංචාරක ව්‍යාපාරය සඳහා ලංකාවේ නම් දරන Aitken Spence, Cinnemon Red වැනි ආයතනද සිටිනවා.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සංචාරක ඇමති ජෝන් අමරතුංග මහතා ප්‍රදර්ශණයට සහභාගීවීමට බර්ලින් නුවරට පැමිණ සිටිනවා.

ඊයේ (7) උදෑසන ප්‍රදර්ශන භුමිය තුල ශ්‍රී ලංකා මණ්ඩපය විවෘත කිරීමේ උත්සවයට ඇමති ජෝන් අමරතුංග මහතාල ශ්‍රී ලංකා තානාපති  කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ මහත්මිය ඇතුළු සංචාරක සමාගම් නියෝජිතයින් සහභාගී වුනා.
 
ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාර ප්‍රදර්ශණයේ ශ්‍රී ලංකා මණ්ඩප භුමියේ දර්ශන පහතින්