Wednesday, April 24, 2024

General line - 0115112241

ට්‍රම්ප් හා කිම් ජෝන් අතර හමුවක්

දිනුක් හේවාවිතාරණ




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් අතර හමුවක් මෙම මැයි මාසයේදී සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

උතුරු කොරියානු නායකයා විසින් අමෙරිකානු ජනාධිපතිවරයාව මුණගැසීම පිලිබඳව වන මුල්ම ආරාධනාව යොමු කර ඇති අතර එය ට්‍රම්ප් විසින් පිළිගෙන තිබෙනවා.

කෙසේ නමුත් නායකයින් දෙදෙනා අතර හමුව සිදුවන ස්ථානය පිළිබඳව නිශ්චිත ස්ථානයක් ගැන මෙතෙක් හෙළිකර නැතිමුත් එය කොරියානු අර්ධද්වීපය තුළ සිදුවනු ඇතැයි වාර්තා වනවා.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මෙම හමුවීම සිදුවන තෙක් න්‍යෂ්ඨික මිසයිල අත්හදා බැලීම් සිදුනොකරන බව උතුරු කොරියානු නායකයා විසින් දකුණු කොරියානනු රාජ්‍ය නිලධාරීන්ට පොරොන්දුවී තිබෙනබව දන්වා තිබෙනවා.

මෙය හොඳ ප්‍රවනතාවයක්. කෙසේ නමුත් අවසන් තීරණයකට එළබෙන තෙක් ඔවුන්ට එරෙහිව පනවා තිබෙන සම්බාධක ඉවත් කරන්නේ නැතිබවයි.