Friday, March 29, 2024

General line - 0115112241

i-Roof විදෙස් වෙළඳපොලට





වහලය සෙවිලිකිරීමේ පෙරළිකාර නිෂ්පාදනයක් ලෙස අයිඩියා සමූහ ව්‍යාපාරය (Idea Group) මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදුන් i-Roof විදෙස් වෙළෙඳපොල ජය ගනිමින් තම ප‍්‍රථම නිෂ්පාදන තොගය පසුගියදා අපනයනය කෙරුණි.

ඉන්දියාවේ බැංගලෝර් හි ප‍්‍රධාන ගොඩනැගිළි ද්‍රව්‍ය සමාගමක් වෙත අපනයනය කෙරෙන පළමු i-Roof තොගය පසුගිය පෙබරවාරී මස මුල් සතියේදී නැව්ගත කෙරුණි. තවත් විදේශ රටවල් කිහිපයකටම ඉදිරි මාස කිහිපයේදී i-Roof අපනයනය කෙරෙණු ඇත. i-Roof සඳහා දැනට ඇණවුම් ලැබී ඇති සෙසු විදේශීය රටවල් වන්නේ බංග්ලාදේශය, ඝානා, මලාවි, මැඩගස්කරය හා ඊජිප්තුවය.  

‘වාසි වැඩිම වහල’ යන තේමාවෙන් අයිඩියා සමූහ ව්‍යාපාරය නිපදවන i-Roof, නිෂ්පාදන කි‍්‍රයාවලි විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්තර ISO 9001:2015 ප‍්‍රමිති සහතිකය සහිතව මෙරට නිපදවන එකම ASA පොලිමර් සෙවිලි වේ. ඊයම් හා ඇස්බෙස්ටෝස්වලින් තොර i-Roof මෙරට තත්ත්වයෙන් වහලය සෙවිලිකිරීමේ කදිම විසඳුම ලෙස පිළිගැනේ. එනම් ගොඩනැගිළි ඉදිකරන්නන්ගේ ඇස්තමේන්තුගත කිරීම් අනුව සැකිල්ල සවිකිරීම, තාප පරිවාරක යෙදීම, සෙවිලි හා සෙවිලි සවිකිරීමට ආදී වහලය සෙවිලිකිරීමේ වියදම් අතුරෙන් වර්ගඅඩියකට අවම මිල සදහන් වන්නේ i-Roof යෙදීමෙනි. එම ඇස්තමේන්තුවලට අනුව උළු, ඇළුමේනියම් තහඩු (සාමාන්‍ය හැඩය) හා ඇළුමේනියම් තහඩු (ටයිල් හැඩය) ආදිය සෙවිලිකිරීමේදි එයට වඩා වැඩි මුදලක් වැය වේ. පාරිභෝගිකයන්ට වාසී රැසක් අත්කරදෙන i-Roof වර්ග අඩියක් රුපියල් 107 සිට ඉහළට මිලදීගත හැක.

අයිඩියා සමූහ ව්‍යාපාරය නිපදවන i-Roof විදේශ වෙළඳපොල ජයගැනීම සම්බන්ධයෙන් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, සම්පත් මායාකඩුව මහතා පැවසුවේ, ‘i-Roof, අයිඩියා සමූහ ව්‍යාපාරයෙන් ශී‍්‍ර ලංකාවට හඳුන්වාදුන් පෙරළිකාර නිෂ්පාදනයක්. ලොව වහල සෙවිලිකිරීමේ නවතම තාක්ෂණය හා අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිපදවන i-Roof මෙරට වහලය සෙවිලිකිරීම සම්බන්ධයෙන් නවතාලයට සිතන කා අතරත් සැනෙකින් බොහෝ ජනපි‍්‍රයවූවා. මෙරට වෙළඳපොලේ වැඩිම ඉල්ලුම හිමි i-Roof ASA පොලිමර් සෙවිලි සඳහා අප සමාගමේ මීළග ඉලක්කය වූයේ විදේශීය වෙළඳපොල ජයගැනීමයි. එම අරමුණ ඇතිව අප ලොව ප‍්‍රමුඛතම ඉදිකිරීම් ප‍්‍රදර්ශනයක් වන ඩුබායි හි Big 5 ඇතුළුව බොහෝ ඉදිකිරීම් ප‍්‍රදර්ශනවලට එක්වූවා. එම ප‍්‍රදර්ශනවලදී ලොව ප‍්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් අපේ විශිෂ්ට නිෂ්පාදනයක් වන i-Roof කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා. පළමු විදේශීය ගැනුම්කරුවා ලෙසින් ඉන්දියාවට මෙම i-Roof තොගය යැවිය හැකි වූයේ අපේ නිෂ්පාදනවල වූ විශිෂ්ටත්වය නිසායි. ළගදීම තවත් රටවල් කිහිපයකටම අපේ නිෂ්පාදන අපනයනයකිරීමට නියමිතයි’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විවිධ ප‍්‍රදේශයන් හි පවතින සියලූ කාලගුණික තත්ත්වයන්ට ගැලපෙන ආකාරයේ නිෂ්පාදනයක් වන i-Roofවල සාමාන්‍ය උළු හා වෙනත් සෙවිලිවල නොමැති ප‍්‍රතිලාභ 25කට අධික ප‍්‍රමාණයක් තිබීම විශේෂත්වයකි. i-Roof වල වූ එක් විශේෂත්වයක් වන්නේ එහි ශක්තියයි. ටොන් 3ක් බරැති වාහනයක් එය මතින් ගමන් කළද i-Roof ට කිසිඳු හානියක් සිදු නොවේ. එහෙයින් වඳුරන් වැනි සතුන් පැනීමෙන් නිතර වහලයට හානි සිදුවන ප‍්‍රදේශයන් සඳහා විශේෂයෙන්ම i-Roof නිර්දේශ කෙරේ. එමෙන්ම විවිධ සතුන් පැනීමෙන් වෙනත් සෙවිලි නිෂ්පාදන එහේ මෙහේ වීමෙන් නිතර නැවත සකස් කළ යුතු වූවද, i-Roof වහලයට මනාව සවිවීමෙන් එවැනි ගැටළු මතු නොවේ. 

වහල සෙවිලිකිරීමේ ලොව නවතම තාක්ෂණයට අනුව නිපදවෙන i-Roof ස්ථර සතරකින් සමන්විතවීමෙන් එය ශක්තිමත් හා නිවස තුළ සිසිළස රඳවන්නකි. එහි පිටත ස්ථරය නිපදවෙන්නේ ASA හෙවත් Acrylonitrile Styrene Acrylate යන සංයෝගයෙනි. මෙම ASA හි විශේෂත්වය එය හිරු කිරණට ඉහළ ප‍්‍රතිරෝදයක් දැක්වීමයි. එහෙයින් i-Roof යෙදීමෙන් නිවස තුළ උණුසුම්වීම වලකන අතර, වෙනත් සෙවිලිවලට මෙන්ම තාප පරිවාරක අවශ්‍ය නොවීමද විශේෂත්වයකි. එමෙන්ම එම`ගින් වර්ණය වෙනස් නොවේ. i-Roof නිපදවීමට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ආනයනය කරන්නේ ලෝකප‍්‍රකට LG සමාගමෙනි.

අඩි 3යි අගල් 5ක් පළල ස-ඍදදෙ දිග ප‍්‍රමාණ 10කින් යුතු හෙයින් අපතේ යෑමකින් තොරව වහලයෙහි ප‍්‍රමාණයට සෙවිලි ලබාගැනීමේ හැකියාව තිබේ. එහෙයින් තනි තහඩුවක් ලෙසින් i-Roof යෙදීමෙන් කිසිඳු ආකාරයක ජල කාන්දුවීමක් සිදු නොවේ. එමෙන්ම i-Roof අතරින් ශබ්දය ගමන්කිරීම ඉතා අවමවීමෙන් වැසි වසින විට නිවස තුළ ඇතිවන ඝෝෂාකාරී ස්වභාවය ඇති නොවේ. ගිනි නොපැතිරෙන, පාසීලි නොබැඳෙන අලංකාර උළු හැඩයකින් යුතු i-Roof කිසිඳු ආකාරයක මළ බැඳීමක් සිදු නොවීමෙන් මුහුදුබඩ මාර්ගයේ නිවාස සඳහා වඩාත් සුදුසු නිෂ්පාදනයකි.

කිසිඳු පිළිකාකාරක අමුද්‍රව්‍යයක් අඩංගු නොවීමෙන් i-Roof වෙලින් පිළිකාකාරක විකිරණ පිටවීමක් සිදු නොවේ. එමෙන්ම කාර්මික තාක්ෂණික ආයතනය ^ITI – Industrial Technology Institute& විසින් i-Roof සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ මගින් එය අමුද්‍රව්‍යයක් ලෙසින් ASA යොදාගන්නාබව, සැහැල්ලූබව, ජලය අවශෝෂණය නොකරනබව, නම්‍යශීලී ශක්තිමත් නිෂ්පාදනයක් බව, අම්ල හා රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තුදීමේ හැකියාව ඇතිබව, ගිනි නොපැතිරෙනබව හා අධික ශීතල හා අධික උණුසුමට ඔරොත්තුදීමේ හැකියාව තිබෙන බව සහතික නිකුත් කර ඇත. එමෙන් ම එය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණ මගින් එහි ඇදීමේ ස්වභාවය, ලවණ ද්‍රාවණයන්ට ඔරොත්තුදීමේ හැකියාව, ඉරිතැලීමක් හා ජලය ඇතුළට කාන්දුවීම සිදු නොවනබව, උෂ්ණත්වයට අනුව බර දරාගැනීමේ හැකියාව හා ඝර්ෂණයට ඔරොත්තුදීමේ හැකියාව තිබෙන බව සහතික කර ඇත. එම පිළිගත් ආයතන මගින් නිකුත් කළ සහතිකකිරීම් මගින් ස-ඍදදවෙල අනර්ඝත්වය, ශී‍්‍ර ලංකාවේ දේශගුණික තත්ත්වයට ඔරොත්තුදෙන බව හා සෞඛ්‍යාරක්ෂකබව සනාථ වේ. 

පාරිභෝගිකයන්ගේ පි‍්‍රයතාව මත උළු පැහැය ^Brick Red&, තද දුඹුරු පැහැය ^Chocolate Brown&, රෝස පැහැති රතු ^Rose Red& හා තද කොළ ^Rose Red& යන වර්ණ සතරෙන් හා පළල අඩි 3යි අගල් 5 යන ප‍්‍රමාණයෙන් ලබාගත හැක. එමෙන්ම අඩි 6, 8, 10 හා 12 යන නිශ්චිත දිගකින් හෝ අවශ්‍ය වෙනත් ප‍්‍රමාණයකින්ද මිලදීගත හැක.

නිවසෙහි ඇතුලතට හා වහලයට පූර්ණ හා කදිම විසඳුම් සපයන ‘සියන’ හා ‘සිවිලිම’ ප‍්‍රදර්ශනාගාර හිමි අයිඩියා සමූහ ව්‍යාපාරය, මෙරට හෝටල්, ඉදිකිරීම් හා තොරතුරු තාක්ෂණික යන අංශයන් හි ව්‍යාපාරකරණයෙහි යෙදෙන ප‍්‍රමුඛතම සමාගමකි.