Wednesday, April 24, 2024

General line - 0115112241

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිකුත් කළ රතු නිවේදනය මෙන්න

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතවන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරකයන් වෙත එමීර් රාජ්‍ය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමීර් රාජ්‍යයේ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමේ දී ගැටළුවලට මුහුණදීමට සිදුවනු ඇති බවත් එබැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිම තාවකාලිකව අත්හිටුවන ලෙසයි රතු නිවේදනය මගින් එමිර් රාජ්‍ය පෙන්වා දී ඇත්තේ.

the Gulf  පුවත්පත පවසන්නේ ශ්‍රී ලංකාවට වීසා නිකුත් කිරිමද එමීර් රාජ්‍යය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති නිසා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතවී සිටින හා සංචාරය කිරිමට අපේක්ෂා කරන එමීර් රාජ්‍යයේ පුරවැසියන්ට අවදානයෙන් පසුවන ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.

යම් අවස්ථාවක එමීර් රාජ්‍යයේ පුරවැසියෙකු යම් අකටයුත්තකය මුහුණ දීමට සිදුවුණේ නම් ඒ සම්බන්ධයෙන් වහාම එමීර් තානාපතිවරයා දැනුවත් කරන ලෙස ද එමීර් රාජ්‍යය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නොවන බව එමීර් රාජ්‍යයේ මෙරට තානාපති සුලෙයිමාන් ජේ මොහිඩින් පවසනවා.

හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇත්තේ යම් අසාධාරණයක් ඇති වුවහොත් එය වළක්වා ගැනීමට පමණක් බවත් ඉන් රටේ සමස්ත ශ්‍රී ලංකාවේ ගැටළු පවතින බවට වැරදි අර්ථකථනයක් දැක්විය නොහැකි බවයි ඔහු එමීර් රාජ්‍යයට පැහැදිළි කර ඇත්තේ.

මහනුවර ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය රටපුරා පැතිර යාම වැළක්වීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නීතිය බලාත්මක කර ඇති බවද එමීර් රාජ්‍යයේ මෙරට තානාපති සුලෙයිමාන් ජේ මොහිඩින් වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.