Saturday, April 20, 2024

General line - 0115112241

රටතුළ නොසන්සුන්තා ඇති නොවීමට වගබලා ගැනීම ජනතාව සතු යුතුකමක්




ශ‍්‍රී ලංකාව වැනි බුද්ධිමත් ජනතාවක් සිටින රටක යළි නොසන්සුන්තා ඇති නොවීමට වගබලා ගැනීම ජනතාව සතු යුතුකමක් බව ශ‍්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය විකාශකයන්ගේ සංසදය පවසනවා.

එහි සභාපති නිතිඥ රවී ජයවර්ධන කියා සිටියේ මෙරට ජනතාවගෙන් බුද්ධිමත් ලෙස කල්පනාකිරීත්වයෙන් කටයුතු කරන ලෙසයි.

ශ‍්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය විකාශකයන්ගේ සංසදයේ උප සභාපති අසංග ජයසූරිය මෙහිදී පැවසුවේ සියළු ජාතීන් ඒකීයත්වයෙන් ජීවත්වීම තුළින් මෙරට සංවර්ධනය කර රැගෙන යා හැකි බවයි.

විශාල පිරිසක් එය වටහාගෙන ඇති බවද ඔහු කියා සිටියා. ජනතාව අතර මතුව ඇති සැකයට හේතුව කුමක්දැයි නිවැරදිව වටහාගෙන මින් ඉදිරියට මෙවැනි සිද්ධින් නොවන ආකාරයට කටයුතු කිරිමට වග බලාගත යුතු බව ද උප සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා