Saturday, April 20, 2024

General line - 0115112241

වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයට ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක්




ලඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ඉදි කිරීමේ කටයුතුද මේ වනවිට සිදුවනවා. ඒ යටතේ කුරුණෑගල වැල්ලව මධ්‍ය මහා විදුහලේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම ඊයේ (09) සිදුවුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ අතිනි.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පළාත් අමාත්‍ය ලක්ෂ්මන් වෙඬරුව ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

රටේ සියළු පාසල් හොඳම පාසල් බවට පත් කිරීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.