Friday, April 26, 2024

General line - 0115112241

සෞදියේ ඉහළ පුටුවලට කාන්තාවන්- සෞදී රජුගේ අනාගත බලාපොරොත්තු




ගුවන් ගමන් පාලකවරුන් ලෙස සවුදි කාන්තාවන් 12 දෙනකු පුහුණුව ඇරඹු බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

සවුදියේ ගුවන් ගමන් පාලකවරුන් ලෙස කාන්තාවන් බඳවා ගනු ලැබු පළමු අවස්තාව මෙය බවටයි එම පුවත් සේවය වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

එරට වැසියන් වැඩි වශයෙන් රැකියා සඳහා බඳවා  ගැනීම හා කාන්තාවන් ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් දිිරි දීම මෙසේ කාන්තාවන් බඳවා ගැනීමේ අරමුණ බවත් ගුවන් ගමන් පාලකවරියන් බඳවා ගැනීම ආරම්භ කරනු ලැබු බව සෞදී ගුවන් පාළක සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා කියා සිටියා.

සෞදීයේ වත්මන් පාලකවරයාගේ මුලික බලාපොරොත්තුව වන්නේ වසර 2030 වන විට කාන්තාවන්ව ඉහළ පෙලේ ශ්‍රම දායකත්වයකින් යුත් පිරිසක් බවට පත් කිරීම සහ මෙතෙක් දැඩ් නිතී වලට යටත්ව සිටි කාන්තාවන්ට එම තත්වයෙන් මිදී සිය හැකියාවන් ලෝකයා හමුවේ පෙන්වීම සදහා අවස්ථාවක් උදාකරලීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.