Friday, April 19, 2024

General line - 0115112241

බංග්ලාදේශය තියුණු තරගයකින් ජය වාර්තා කරයි (UPDATE)

වසන්ත පිවිතුරු /ඉෂාර සුපෙම් මානගේ




ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (10) පැවැති නිදහස් කුසලාන පන්දුවාර විස්සයි 20 තුන්වන තියුණු තරගයෙන් ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ කඩුලු 05 දැවී පන්දුවාර 19 යි පන්දු 04ක් අවසානයේ ජයග්‍රාහි ලකුණු 215ක් වාර්තා කරමින්.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 215 ක ඉලක්කයක් ලබාදුන්නා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 214ක් ලබා ගත්තා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පන්දු 48 කට ලකුණු 74ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 30කදී ලකුණු 57ක් වාර්තා කළා.
 

 

-------------------------------------------

බංග්ලාදේශයට 215ක ඉළක්කයක් (UPDATE)

(10-03-2018 21:00)

 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (10) පැවැත්වන නිදහස් කුසලාන 20 විස්ස තුන්වන තරගයෙන් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 215 ක ඉළක්කයක් ලබාදී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කිරිමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 214ක් ලබාගත්තේ පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් පමණක් දැවී යාමෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් ලකුණු 74 ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 57ක්. උපුල් තරංග ලකුණු 32 ක් රැස් කළා.

අද දින තරගයේ දී කුසල් මෙන්ඩිස්  සිය 3 වන 20 විස්ස අර්ධ ශතකය වාර්තා කිරිමට සමත් වූ අතර හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 74 ක් ලබාගත් කුසල් ජනිත්  සිය 9 වන 20 විස්ස අර්ධ ශතකය වාර්තා කළා.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති 20 විස්ස ක්‍රිකට් තරගයක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වීමද විශේෂිතයි.

සිය පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම මේවන විට ලකුණු 20 ක් ලබාගෙන සිටිනවා.

------------------

බංග්ලාදේශයේ පන්දු රැකීම ඉදිරියේ ශ්‍රී ලංකාව පිටියට (10-03-2018 19:35)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන නිදහස් කුසලාන 20 විස්ස අද(10) දින පැවැත්වෙන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා.

මුලින් පන්දුවර පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේ ලකුණු 52 ලබාගෙන සිටිනවා.

--------------------

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට (10-03-2018 18:45)

නිදහස් කුසලාන 20 විස්ස තරගාවලියේ තුන්වන දින තරගය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (10) පැවත්වීමට නියමිතව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් මුලින් පන්දු රැකීමට තීරණ කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට නියමිතයි.