Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවෙන් උදුරා ගත් ජය සමග 'මුශ්ෆිකර්ට' හැගීම් පාලනය කර ගැනීමට නොහැකි වෙයි - කලක් හිතට වද දුන් වේදනාව පිටිය මැද පිට කරයි (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ




නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග ඊයේ (10) පැවති තරගයෙන් කඩුළු 5 ක ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත්වුනා.

තරගය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුළු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. 

මුශ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තේ පන්දු 35 කින්. ඊට හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් ඇතුලත් වුනා. 

තරගයේ වීරයා සම්මානය ද මුශ්ෆිකර් රහීම් ට හිමිවුනා.

ශ්‍රී ලංකාවට එරෙහිව සිය කණ්ඩායමේ ජයග්‍රහණය හිමිකර ගත් බංග්ලාදේශ කණ්ඩායමේ  මුෂ්ෆිකර් රහීම්ට එම අවස්ථාවේ ඔහුගේ හැඟීම් පාලනය කිරීමට නොහැකි වී ගිය බවයි බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. 

ජය සමගින් පිටිය මැද ඔහු නර්තනයක් ඉදිරිපත් කළා. ඒ ජනප්‍රිය නයි නර්තනයයි. මීට පෙර බංග්ලාදේශය සමග පැවැති තරගකදී මෙම නයි නර්තනය කරලියට පැමිණියා.