Saturday, April 20, 2024

General line - 0115112241

බංගලියන්ගේ හඹා ගොස් ජය ගැනීම වාර්තා පොතට ගියේ මෙහෙමයි

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තාගත ජයක් ලබමින් නිදහස් කුසලාන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (10) රාත‍්‍රියේ සමත් වුණා.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලූ 06ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

ලකුණු 215ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම, සිය ඉණිමේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජය වාර්තා කළා. බිඳ වැටුණු කඩුලූ සංඛ්‍යාව 05ක්. බංග්ලාදේශ කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය මුස්ෆිකර් රහීම් පන්දු 35ක දී නොදැවී ලකුණු 72ක් රැස් කළා. ඔහුගේ ඉණිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වුණා. 

පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ බංග්ලාදේශය ලද සාර්ථක හඹායාම ද මෙය වනවා. මෙය වාර්තා වූයේ ලෝක පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ සිව්වන සාර්ථකම හඹායාම ලෙසයි.

මෙම තරගයේ දී බංග්ලාදේශය රැස් කළ ලකුණු 215, කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී පන්දුවාර 20 තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා. 

නිදහස් කුසලාන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවත් තරගයක් හෙට (12) පැවැත්වීමට නියමිතයි.