Friday, April 19, 2024

General line - 0115112241

ජයග්‍රහණය තෙක් "මුෂ්ෆිකර්" ගොඩනැගු ඉණිමේ අරමුණ හෙළිකරයි

දිනුක් හේවාවිතාරණ




70 වන නිදහස් කුසලාන 20 විස්ස ක්‍රිකටි තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (10) පැවති තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායම විසින් හිමිකර ගත්තා.

බංග්ලාදේශ පිලේ ජයග්‍රහණයේ නියමුවා වුනේ මුෂ්ෆිකර් රහීමි. ලකුණු 215 ක් වූ දැවනත් අභියෝගය හමුවේ සිය පිත්ත හැසිරවූ හිටපු බංග්ලාදේශ නායකයා පන්දු 35 ක් තුලදී නොදැවී ලකුණු 72 ක් වාර්තා කළා.

තරගය අවසානයේ මාධ්‍යවෙදීන් මුෂ්ෆිකර් රහීමිගෙන් ඔහුගේ මෙම ජයග්‍රාහි ඉණිම ගැන විමසා සිටියා. මුෂ්ෆිකර් රහීමි කියා සිටියේ " තරගය ජය ගැනිම ගැන බෙහෙවින් සතුටු වෙනවා. එත් මම අද ක්‍රීඩා කල මේ ඉණිම මම මගේ පුංචි පුතා වෙනුවෙන් කැප කරනවා. එයා ඉපදිලා තාම දවස් 35 ක් විතරයි".