Friday, March 29, 2024

General line - 0115112241

දිගන හා අඹතැන්නේ සිදුවූ දේපල හානි ගැන තක්සේරු කරයි

තෙල්දෙනිය - කේ.ඩබ්ලිව්. නිශ්ශංක / කමල් සුරවීර




දිගන  හා  අඹතැන්න ප්‍රදේශවල පසුගියදා ඇතිවූ කළහකාරි සිද්ධින් නිසා හානියට පත්වූ නිවාස සහ දේපල තක්සේරු කිරිමේ කටයුතු කුන්ඩසාලේ හා පුජාපිටිය ප්‍රාදේශීය ලේකම්වල කාර්යාලවල නිළධාරින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

දිගන හා අවට ප්‍රදේශවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන වලට හානි සිදුකිරීමෙන් අසරණවූ පුද්ගලයන් සදහා රජය විසින් වියළි ආහාර ද්‍රවය ලබා දීමට පියවර ගෙන තිබෙනවා.  

මේ අතර මෙම දිනවල තෙල්දෙනිය, දිගන හා මැනික්හින්න නගරවල සියලුම කඩ සාප්පු විවෘත කර ඇති  අතර ජන ජිවිතය යථා තත්වයට පත්ව තිබෙනවා. බස් සේවාවන්ද නියමිත පරිදි දැන් ධාවනය කරන බව අපගේ වාර්තාකරු සදහන් කර සිටිනවා. 

මහනුවර පැවැති නොසන්සුන්කාරි වතාවරණයත්  සමග සිදුවු පහරදීම් වලින් හානිවු පුජනීය ස්ථාන හා පෞද්ගලික දේපොළ වල වටිනාකම් තක්සේරු කිරීම සතියක් ඇතුළත නිමකර වන්දි ලබා දිම් කඩිනම්න් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බළධාරින්ට දැනුම්දි තිබෙනවා.

ලබන සිකුරාදා හෝ ඊට පෙර තක්සේරු කර අවසන් වාර්තා බාර දෙන ලෙසත් ගැටුම් වලදි මියගිය පුද්ගලයින් තිදෙනාගේ පවුල් සදහා මුළික පියවරක් ලෙස රුපියල් ලක්ෂයක් බැගින් වන්දි මුදල් මෙම මස 12 වනදා ලබා දෙන්නයි අගමැතිවරයා උපදෙස්දි තිබෙනවා.

ඉදිරි සතියේ කැබිනටි රැස්විමේදි වාර්තාවක් ඉදිරිපත් කර මියගිය අය වෙනුවෙන් එක් පවුලක් සදහා රුපියල් ලක්ෂ පහක පමණ වන්දි මුදලක් ලබා දිමට අපෙක්ෂා කරන බව පැවසු අගමැතිවරයා පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවු ගැටුම් වලින් පුජනීය ස්ථාන, නිවාස, ව්‍යාපාරික ස්ථාන හා වාහන 465 කට හානි සිදුව ඇති බවත් ඉන් 232 ක් ම නිවාස බවත් සදහන් කලා.