Thursday, April 25, 2024

General line - 0115112241

අරාබි රාජ්‍යයන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යයි... වානිජ සම්බන්ධතා අත්හරින්නත් තීරණයක්

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාව තුල මුස්ලිම් හා සිංහල පිරිස් අතර ඇති වී තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අරාබි රටවල නායකයන් සිය අප්‍රසාදය පලකර තිබෙනවා. ඊට අදාළ විරෝධය පල කරමින් එම රටවල නායකයන් සිය තානාපතිවරුන් මාර්ගයෙන් මෙරට රජයට දැනුම් දී ඇති බව the gulf times පුවත්පත වාර්තා පල කර ඇත්තේ.

අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ඉදිරියේ දී රාජතාන්ත්‍රික මට්ටමින් ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවයි the gulf times පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

පසුගියදා අම්පාර සහ මහනුවර යන ප්‍රදේශවල ඇති වූ සිද්ධිය තමන් හෙළා දකින බවත් එම සිද්ධීන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මුල සිට නිසි ආකාරයෙන් කටයුතු කර නොමැති බවත් අරාබි රටවල නායකයන් සිය විරෝධාවය මගින් ශ්‍රී ලංකා රජයට පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කරුණු තමන් විසින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ 37 වන සැසිවාරයේ දී ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බවයි ආරාබි නායකයන් සඳහන් කර ඇත්තේ.

සියලුම අරාබි රටවල නායකියන් එක්ව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මානව හිමිකම් කවුසිලයට ඉදිරිපත් කරන බවත් ඊට අවශ්‍ය තොරතුරු දැනටමත් රැස්කරමින් සිටින බවත් the gulf times පුවත්පත වාර්තා කර තිබෙනවා.

එමෙන්ම පසුගියදා ශ්‍රී ලංකාවේ මුස්ලිම් හා සිංහල ජනතාව අතර මහනුවර සහ අම්පාර යන ප්‍රදේශවල ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තා තම රටේ තානාපති කාර්යාලය මගින් ලබාදෙන ලෙස අරාබි රටවල නායකයන් ඉල්ලීමක් කර ඇති බවත් සඳහන්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ 37 වන සැසිවාරයේ දී එහි සාමාජිකත්වය දරන සියළුම මුස්ලිම් රටවල් ඒකාබද්ධ විරෝධතාවක් ගොනු කිරිමට ද සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලවල ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී යෝජනා ඉදිරිපත් වූ අතර ඊට අරාබි රටවල නායකයන් ඊට එරෙහිව ඡන්දය භාවිත කර ඇති බවයි අරාබි නායකයන් පෙන්වා දී ඇත්තේ.

නමුත් වත්මන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පෙර ඉදිරිපත් වූ යෝජනා යළි සලකා බැලිමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම තමන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවලියට විරුද්ධව භාවිත කළ ඡන්දය අවලංගු කිරිම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බව ද අරාබි රටවල නායකයන් සඳහන් කර තිබෙනවා.

මහනුවර සිද්ධිය සහ අම්පාර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ද නිවැරදි තොරතුරු ලබානොදීම සම්බන්ධයෙන් අරාබි නායකයන් සිය කණස්සල පල කර ඇති අතර මෙම සිද්ධීන් වාර්තාවීමෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති විශ්වාසය පළුදු වී ඇති බව ද ඔවුන් පෙන්වා දී ඇති බවයි the gulf times පුවත්පත සඳහන් කර ඇත්තේ.

සවුදි අරාබියාව, කටාර් රාජ්‍යය, කුවේටය, බංග්ලාදේශය, ඉන්දුනේෂියාව, මලයාසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පාකිස්ථානය, ඉරානය සහ ඉරාකය රටවල නායකයන් මෙලෙස සිය කණස්සල පල කර ඇති අතර එම රටවල ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ට පීඩාවට පත්වූ මුස්ලිම් ජනතාව පිළිබඳව සොයා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ද ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම සිද්ධීන් මුල්කරගෙන අරාබි රටවල් හා ශ්‍රී ලංකාව අතර පවතින වානිජ සම්බන්ධතා විසන්ධි කර ගැනීම සම්බන්ධයෙන් ද අවදානය යොමු ඇති බවයි the gulf times පුවත්පත වැඩිදුරටත් වාර්තා පල කර ඇත්තේ.