Friday, March 29, 2024

General line - 0115112241

ආණමඩුවේ ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් - ප්‍රහාරයෙන් පසු පැය කිහිපයක් තුළ සිදු වූ දේ (PHOTOS)

ජූඩ් සමන්ත




ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට ඊයේ (11) පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

ඊයේ අලුයම 2.00ට පමණ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකුව ආණමඩුව පොලීසිය විසින් පසුව අත්අඩංගුවට ගත්තා.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණා.

කෙසේවෙතත් ඊයේ (11) සවස වන විට ආණමඩුව ව්‍යාපාරික සංගමය සහ ප්‍රදේශවාසීන් එක්ව පොලීසියේද සහාය ඇතිව ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර දී තිබෙනවා.

රාත්‍රි 8.00 ට පමණ වන විට යළි එම ආපන ශාලාව විවෘත කිරීමට පවා හැකි වී තිබෙනවා.

මෙම අවස්ථාවට මහා සංඝරත්න, ස්ලාමීය ආගමික නායකයින්ද, ජල කළමණාකාරන රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රියංකර ජයරත්න, ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර යන පිරිසද  එක්ව සිටියා. 

කවුරුන් විසින් සිදු කළත් මෙම ක්‍රියා හෙළා දකින බවත්, ජාතිවාදී ගිනි දැල් වැපුරවීමට ඇතමුන් ගන්නා ක්‍රියාවන්ට ආණමඩුව ජනතාව හොඳ පිළිතුරක් ලබා දී ඇති බවත් මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශණ කටයුතු සිදු කරන තිබුණා. ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළද සැළක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශනද ඊට උපයෝගී කරගෙන විමර්ශන කටයුතු සිදු කෙරුණා.

ඊට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 19 - 25 අතර වියේ පසුවන්නන් වනවා.