Tuesday, April 23, 2024

General line - 0115112241

‍ශ්‍රී ලංකා ටෙලිකොම් සහ පේරාදෙණිය සරසවිය අත්වැල් බැඳගනියි




ජාතික විදුලිසංදේශ සේවා සැපයුම්කරු හෙවත් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම, තාක්‍ෂණික සංවර්ධනයේ ශ‍්‍රී
ලාංකේය මංපෙත් විවරකර දීම වෙනුවෙන්, නවීන පර්යේෂණ ක්‍ෂේත‍්‍රයේ මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක්  වන
පේරාදෙණිය සරසවිය සමගින් ඉකුත්දා අවබෝධතා ගිවිසුමකට එළඹුණා.

 ඒ  අනුව තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ පර්යේෂණ සහයෝගිතා  ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම මෙන්ම, සිය විශ්ව විද්‍යාලයේ විදුලි සහ
ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු  අංශයේ අතිනවීන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස
පේරාදෙණිය සරසවිය, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමගින් එක්වනු ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුළපති
මහචාර්ය උපුල් බී. දිසානායක මහතා සහ SLT ප‍්‍රධාන ව්‍යාපාර නව්‍යකරණ නිලධාරී තිලක් ද සිල්වා මහතා
විසින්  ඉකුත්දා එම විශ්වවිද්‍යාලයේදී අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන්  කරන ලදි. විවිධ වූ විෂය ක්‍ෂේත‍්‍රයන්හී
පර්යේෂකයන්ට එක්ව පර්යේෂණ සහ සංවර්ධන ක‍්‍රියාකාරකම්හී යෙදීම සඳහා යෝග්‍ය වේදිකාවක් සකසාදීමේ
මුලික  අරමුණ  සහිතව මෙය ක‍්‍රියාවට නැංවේ.

අදාළ ආයතන දෙකෙහි එකතුවෙන්  ඇරඹි මෙම ගමන සම්බන්ධයෙන් මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා
අදහස් දක්වමින් ‘ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයන්හී සිදුවන ශීඝ‍්‍ර සංවර්ධනය මෙන්ම එම කර්මාන්තමය භාවිතාවන්
හේතුවෙන් ‘විශ්වවිද්‍යාල - ව්‍යාපාරික සහයෝගීතාව’ පෙර නොවූ විරූ තරම් වැදගත්කමක් උසුලනවා. මේ
උදෙසා දැනුම මෙන්ම පර්යේෂණ ත‍්‍රිවුර ලෙසින් භාවිතා කිරීම අවශ්‍යයි. ඉතා ඉහළ මට්ටමේ මානව සම්පත,
මෙහිදී ඉතාම වැදගත් අවශ්‍යතාවක්  බවට පත්වෙනවා. මෙම සහයෝගීතාව මෙන්ම මෙම පර්යේෂණ පහසුකම්,
පර්යේෂණ සහ සංවර්ධන අංශයේ මෙරට උසස් මට්ටමේ මානව සම්පතක් බිහිවීම වැඩිවර්ධනය කරනවා.
එසේම මෙමගින් අප විශ්වවිද්‍යාල ජාලය සහ ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රය අතර ඇතිවන ශක්තිමත් බැඳීම, විවිධාකාර
විෂයන් හා රටේ බොහෝ අංශවලට ප‍්‍රතිලාභ හිමිවීම පිණිස දිරි දෙනු ඇති’ යැයි පැවසීය. 

මෙම එකතුව සහ එහි දීර්ඝ කාලීන අරමුණු  සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිලක්ද සිල්වා මහතා ‘තොරතුරු සහ
සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේ, ලොව පැනනැගෙන අපේක්‍ෂාවන්ට ගැලපෙන සේ නවෝත්පාදනයන් සහ
සංවර්ධනයන් සිදුකිරීමේ අවශ්‍යතාව ඉහළ යමින් තිබෙනවා. තාක්‍ෂණයේ සහ කර්මාන්තයන්ගේ ශීඝ‍්‍ර
සංවර්ධනය මගින්  ව්‍යාපාරික අංශයේ අවශ්‍යතාවන්  ඉහළ නංවද්දී, තමන්ට නිරාවරණය වීම මදකම හේතුවෙන්
සුපරාගැනීම අපහසුවන ක්‍ෂේත‍්‍රයන්හී එම අවශ්‍යතාවන් සපුරාලීමේ අභියෝගය අපට අපගේ උපාධිධාරීන් වෙත
භාරදෙන්න පුළුවන්. උපාධිධාරීන් සඳහා අවශ්‍ය කරන අදාළ යෙදීම සඳහා මෙන්ම තොරතුරු සහ සන්නිවේදන 
ක්‍ෂේත‍්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු උදෙසා බහුවිධ පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස
මෙම සහයෝගීතාවත් නව පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයත් සුදුසුම වේදිකාව බවට පත්වේවී. SLT හී
දැක්මට අනුව, ශ‍්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු උසස්
කිරීම සඳහා උපකාරීවන ජාලයක් නිර්මාණය කිරීමින් ගෝලීය සමාජ ආර්ථික සංවර්ධන සඳහා මංපෙත් විවර
කිරීමේ, අපගේ අදහසට මෙම අවබෝධතා ගිවිසුම උපකාරයක්ද වේවී’ යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම සුවිශේෂී ගිවිසුම හරහා SLT ය මගින් විශ්ව විද්‍යාලයට එහි පර්යේෂණ ක‍්‍රියාකාරකම් වෙනුවෙන් අවශ්‍ය
ද්‍රව්‍ය, මුල්‍ය, මානව සම්පත් සහ පර්යේෂණ පහසුකම් ප‍්‍රදානය කිරීම, අන්‍යෝන්‍ය වශයෙන් ඵලදාදී රාමුවක්
නිර්මාණය කිරීමට උපකාර වනු ඇත. එම ඒකාබද්ධ පර්යේෂණ, මහජනතාවට වඩාත් උසස් සේවාවක් ලබාදීම
පිණිස ශ‍්‍රී ලංකාවේ විදුලිසන්දේශ ක්‍ෂේත‍්‍රයේ තත්ත්වය ඉහළ නැංවීමට පමණක් නොව, ගෝලීය මට්ටමේ
පර්යේෂණ සහ සංවර්ධන කටයුතු උදෙසා අවශ්‍ය දායකත්වය වෙනුවෙන් ප‍්‍රධාන භූමිකාවක නියැලෙනු ඇතැයි
SLTය විශ්වාසයෙන් පසුවේ.