Tuesday, April 16, 2024

General line - 0115112241

තිස් දහසකට අධික ගොවීන් පිරිසක් මුම්බායි නුවරට




තිස් දහසකට අධික ඉන්දීය ගොවීන් පිරිසක් අද (12) එරට මූල්‍ය නගරය වන මුම්බායි නුවරට පැමිණ දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සුදානම් වනවා. ඒ, සිය වගාවන් සදහා නිසි මිළක් ලබාදෙන ලෙසට ආණ්ඩුවට බලකරමින්. 

ඔවුන් මෙලෙස අද මුම්බායි නුවරට පැමිණෙන්නේ දින 6 ක පා ගමනික් පසු කිලෝමීටර 167 ක දුරක් ගෙවා දැමීමෙන් අනතුරුවයි. මෙම පා ගමන සදහා කාන්තාවන්, කුඩා දරුවන් මෙන්ම වයස්ගත පුද්ගලයින්ද එක්ව සිටින බවයි ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඉන්දීය ජනගහණයෙන් අඩකට ආසන්න පිිරිසක් කෘෂිකර්මාන්ත කටයුතුවලට සම්බන්ධ වී සිටිනවා. එහෙත් එරට දල දේශීය නිෂ්පාදිතයෙන් කෘෂිකර්මාන්තයේ දායකත්වය සියයට 15 ක් පමණයි.