Thursday, April 25, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි විශ්වාසභංගය යළි මතුවෙයි

හර්ෂිකා සංජීවනී




මහනුවර ඇතිවූ කලහකාරී සිද්ධිය පදනම් කර ගනිමින් අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාව යටපත්වීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය පිළිබඳ සාකච්ඡා කරන බවයි.

ආණ්ඩුව විවිධ කටයුතු ඔස්සේ රට තුළ පවතින සැබෑ ගැටළු යටපත් කිරීමට උත්සහ දරණ බවයි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය ඒ සඳහා ආණ්ඩුවට ඉඩක් ලබානොදෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.