Friday, April 19, 2024

General line - 0115112241

සෞදි අරාබියානුවෙක් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් මරාගෙන මැරෙයි




සෞදි ආරාබියේදී ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. සෞදි ආරාබියේ බුරේද්හ් දී පසුගිය සෙනසුරාදා උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

42 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර සෞදි අරාබියානු ජාතිකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. පසුව ඔහු ද අදාළ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවට මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.