Thursday, April 25, 2024

General line - 0115112241

තරගය පරාජයට හේතුව තිසර කියයි

කසුන් කැළුම්




මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දිය කණ්ඩායම සමග ඊයේ (13) පැවති තරගය පරාජයට පත් වූ බව ශී‍්‍ර ලංකා නායක තිසර පෙරේරා පවසනවා.

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මෙම තරගයේ දී කණ්ඩායමේ අඩුපාඩු තිබු බවත් තමා ද මුලින් පන්දුවට සාර්ථකව පහර දුන්න ද පසුව එහි අඩුපාඩුවක් ඇති වු බවත් ඔහු කියා සිටියා.

තමා කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රීඩා කළ ද  පිට පිට කඩුළු කිහිපයක් දැවී යාම තරගය පරාජය වීමට හේතු වූ බවද ඔහු කියා සිටියා.

තරගය පරාජ වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැකිවිය නොහැකි බවත් ඉදිරි තරගය ජයග්‍රහණය කිරිම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවද ශී‍්‍ර ලංකා නායක තිසර පෙරේරා පැවසුවා.

ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලූ 6කින්. ඊයේ (12) තරගයේදී පිතිකරුවෙකු වෙනුවට පන්දු යවන්නෙකු කැඳවීමට ගත් තීරණය සම්බන්ධයෙන් තිසර පෙරේරා මෙහිදී අදහස් පළ කළා.