Wednesday, April 24, 2024

General line - 0115112241

ෆෙස්බුක් තහනම ශ්‍රි ලංකාවේ කීර්ති නාමයට හානියක් - ඇමෙරිකානු තානාපති




සමාජ ජාල වෙබ් අඩවි තහනම නිසා ශ්‍රි ලංකාවේ නිදහස සහ ව්වෘත භාවය පිළිබඳ වන කීර්ති නාමයට හානියක් සිදුවී තිබෙන බව ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින්.

"ශ්‍රි ලංකාවේ බොහෝ පිරිස් සිය විදෙස්ගතව සිටින නෑයින් සමග සම්බන්ධකම් පවත්වන්නේ මෙම සමාජජාල වෙබ් අඩවි මගින්.

ඒ මෙන්ම සංචාරක, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාරික කටයුතු වලට මෙම සමාජජාල වෙබ් අඩවි වාරණය නිසා බලවත් පාඩුවක් සිදුව තිබෙන බවට ඇමෙරිකානු තානාපතිවරයා සිය ටුවිටර් පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.