Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ 2020 ජනපතිවරණයේ දී ඉන්දියාව සහාය දෙන අපේක්ෂකයා මෙන්න

වසන්ත පිවිතුරු




2020 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණ මෙරට ඉතිහාසය යළි වරක් වෙනස් කරන මැතිවරණයක් බවට පත්වනු ඇති බව ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමී පවසනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ලබන විශිෂ්ඨ ජයග්‍රහණය ඊට හේතු වන බවයි ඔහු පෙන්වා දේනනේ.

ඒ බැවින් එම මැතිවරණයේ දී ඉන්දිය රජයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදෙන්නැයි සුබ්‍රමනියම් ස්වාමී ඉන්දිය රජයෙන් ඉල්ලා සිටිනවා.

හිටපු ආරක්ෂක ලේකම් ජයග්‍රහණය ඉන්දිය ශ්‍රී ලංකා මිත්‍රත්වයේ අලුත් පිටුවක් පෙරලන ඓතිහාසික අවස්ථාවක් වන බවත් එය දැකීම තම අපේක්ෂාව බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමී සිය ට්වීටරය මගින් සටහනක් තබමිනුයි මෙම අදහස් පල කර ඇත්තේ.

2009 වසරේ දී එල්ටීටීඊ සංවිධානය පරාජය කිරිම සඳහා මහඟු මෙහෙවරක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් විශාල මෙහෙවරක් ඉටුකර ඇති බවත් ඔහු සිට ට්වීටරයේ සඳහන් කර තිබෙනවා.

එය ඉතාමත් වැදගත් කරුනක් බවත් එල්ටීටීඊ සංවිධානයෙන් වැඩි තර්ජනයක් එල්ලවුණේ ඉන්දියාවට බවත් කියා සිටි සුබ්‍රමනියම් ස්වාමී වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2020 ජනාධිපතිවරණයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරිම සෑම ඉන්දිය පුරවැසියෙකුගෙම වගකීම බවයි.