Friday, March 29, 2024

General line - 0115112241

කල්ලාරු හස්තියාගේ දළ යුගලය ළඟ තබාගත් සැකකරුවන්ට අත්හිටවූ සිර දඬුවම්

උපාලි ආනන්ද - අනුරාධපුරය




කල්ලාරු ඇතාගේ දළ යුගලය නීතිවිරෝධීව සන්තකයේ තබා ගෙන රුපියල් ලක්ෂ 50කට අලෙවි කිරීමට තැත් කළ සැකකරුවන් තිදෙනාට අද (13) දඬුවම් නියම කෙරුණා.

, ඔවුන් අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (13) වරද පිළිගැනීමත් සමගයි.

ඒ අනුව ඔවුන්ට වෙන් වෙන් වශයෙන් රුපියල් 75,000ක දඩ නියම කෙරුණා. ඊට අමතරව සැකකරුවන් තිදෙනාට වෙන් වෙන් වශයෙන් මාස 06 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවීටයි නියෝග කෙරුණේ.