Friday, April 19, 2024

General line - 0115112241

වයිබර් අවහිරතාවය ඉවතට

වසන්ත පිවිතුරු




තාවකාලීකව අත්හිටවා තිබු වයිබර් සමාජ ජාලා අවහිරතාවය අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයතක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

එම තහනම ඉවත්කිරීමට අදාළ නිර්දේශ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා ඇති බව සඳහන්.

මේ අතර ෆේස්බුක් ඇතුළු අනෙකු සමාජ මාධ්‍ය ජාලා සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද (13) පැවති සාකච්ඡාවට ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වූ අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් වෛරීය ප්‍රකාශන පලවීම වැලැක්වීම සඳහා සමාජ මාධ්‍ය ජාල අවහිර කළ බව රජය ප්‍රකාශ කර තිබුණා.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ පණිවුඩ මෘදුකාංග මත පැය 72ක තහනම පනවා අදට (13) දින 8ක් වනවා.