Saturday, April 20, 2024

General line - 0115112241

ජාතිවාදී ගැටුම් රටේ සැබෑ ගැටලූ යටපත් කර ඇති බවට ප්‍රකාශයක්

සමන්ත කුමාර




ඉකුත් දා පැවැති ජාතිවාදී ගැටුම් හේතුවෙන් රට මුහුණ දී ඇති සැබෑ ගැටලූ යටපත් වී ඇති බව ජිනිවා හි හිටපු ශී‍්‍ර ලංකා තානාපති හා නිත්‍ය නියෝජිත තමාරා කුණනායගම් පවසනවා. ඇය පෙන්වා දුන්නේ මෙවැනි සිද්ධීන් මගින් වාසි අත්කර ගන්නේ රටට එරෙහි විදේශීය බලවේග බවයි.

එළිය සංවිධානය අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කෙරුණා.

විදේශීය බලවේග 2015 වසරේ සිදු කළ ආයෝජනය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රට තුළ පසුගිය දිනවල ඇතිවූ සිදුවීම් ඇති කළේ දැයි ප‍්‍රශ්ණයක් පැන නගින බවයි තමාරා කුණනායගම් මෙහිදී පෙන්වා දුන්නේ.

මෙවැනි ගැටුම් වලදී දෙපාර්ශවයටම සහය දී ගැටුම් ඇවිලවීම අමෙරිකාව පුරුද්දක් ලෙස සිදු කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශ‍්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පැවසීම ඇතුළු බටහිර න්‍යාය පත‍්‍රය සාධාරණිකරණය කිරීමට මෙවැනි සිදුවීම් මතුවීම හරහා අවස්ථාවක් හිමිවන බවද ජිනීවාහි හිටපු තානාපතිවරිය පෙන්වා දුන්නා.

කොසෝවෝ රාජ්‍යයට ලබා දුන් විසඳුම පන්නයේ විසඳුමක් ශී‍්‍ර ලංකාව මත පැටවීමට මෙමගින් අවස්ථාවක් හිමිවන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.