Friday, April 19, 2024

General line - 0115112241

ක‍්‍රිකට් ක‍්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත‍්‍රය අත්හිටුවයි

අධිකරණ වාර්තාකරු




කි‍්‍රකට් කී‍්‍රඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය අද නියෝග කළා.

, ඉකුත් සිකුරාදා රාති‍්‍රයේ නාරාහේන්පිටදී සිදුවූ රිය අනතුරකට අදාළවයි. එම සිද්ධිය පාදක කර ගනිමින් නාරාහේන්පිට පොලීසිය රමිත් රඹුක්වැල්ලට එරෙහිව චෝදනා 04කින් යුත් චෝදනා පත‍්‍රයක් අධිකරණයට ගොනු කළා.

බීමත්ව රිය ධාවනය, රිය අනතුරක් වළක්වා නොගැනීම, රිය අනතුරක් සිදු කිරීම ආදී චෝදනා ඊට ඇතුළත්.