Tuesday, April 23, 2024

General line - 0115112241

ජනපති ට‍්‍රම්ප් රාජ්‍ය ලේකම් ධුරයෙන් පහකරයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එරට රාජ්‍ය ලේකම්වරයා වන රෙක්ස් ටිලර්සන් ධුරයෙන් පහ කර තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ සී අයි ඒ ප‍්‍රධානී මයික් පොම්පේ නව රාජ්‍ය ලේකම්වරයා ලෙස පත් කර ඇති බවයි.

රෙක්ස් ටිලර්සන් රාජ්‍ය ලේකම්වරයා ලෙස ඉටු කළ සේවය අගයමින් ජනාධිපති ට‍්‍රම්ප් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබෙනවා.

මේ අතර නව සී අයි ඒ ප‍්‍රධානියා ලෙස ගීනා හස්පල්ගේ නම ජනාධිපති ට‍්‍රම්ප් විසින් යෝජනා කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. එම ධූරයට යෝජනා කෙරුණු පළමු කාන්තාව ඇයයි.