Friday, April 26, 2024

General line - 0115112241

ගාසා තීරයට ගිය පලස්තීන අගමැතිට ප‍්‍රහාරයක්




ගාසා තීරයේ සංචාරයක නිරත වන අවස්ථාවේ පලස්තීන අග‍්‍රාමාත්‍ය රාමි හමාදල්ලාගේ රථ පෙළ ඉලක්ක කර බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේදි එරට බුද්ධි අංශ ප‍්‍රධානියාද, අග‍්‍රාමාත්‍යවරයා සමග සිට ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ප‍්‍රහාරයෙන් පුද්ගලයින 07 දෙනෙකු තුවාල ලැබුවා. එහෙත් අග‍්‍රාමාත්‍යවරයාට හෝ බුද්ධි අංශ ප‍්‍රධානියාට ප‍්‍රහාරයෙන් කිසිඳු හානියක් සිදුව නැහැ.

අග‍්‍රාමාත්‍යවරයා ඉලක්ක කර ප‍්‍රහාරය එල්ල වු ප‍්‍රදේශය පලස්තීනයේ හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන  ප‍්‍රදේශයක්. කෙසේ වෙතත් ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ශවයක් භාරගෙන නැහැ.