Thursday, April 25, 2024

General line - 0115112241

සමාජජාල මාධ්‍ය තහනමින් ඇති වූ බලපෑම් ගැන ඇමතිවරුත් කතා කරයි

මේනකා රත්නායක




අමාත්‍ය පාඨලී චම්පික රණවක ප‍්‍රකාශ කළේ ආර්ථීක ගනුදෙනු මෙන්ම සමාජ ගනුදෙනුද ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තහනම් කිරීම හේතුවෙන් බිඳ වැටී ඇති බවයි. 

ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කළේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් මෙරට ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් ඇතිවන බවයි.

ඩිජිටල් ව්‍යාපාර, තොරතුරු තාක්ෂණය හා සංචාරක ක්ෂේත‍්‍රය මේ හේතුවෙන් අර්බුධයට ලක්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සිදුවිය යුත්තේ සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතය ප‍්‍රවර්ධනය කිරීම බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තහනම් කිරීම හේතුවෙන් ලක්ෂ 3ක පිරිසකට ආර්ථිකමය වශයෙන් බලපෑම් එල්ල වී ඇතැයි සමාජ ජාල පරිශීලකයින් පවසනවා.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කාරක සභික නුවන් හෙට්ටිආරච්චි පැවසුවේ තහනම හරහා රටට ලැබිය යුතු ආදායමද අහිමි වී ඇති බවයි.