Thursday, March 28, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි විශ්වාසභංගයට අැමතිවරුන්ගෙත් අත්සන්

හේමන්ත කහවලගේ




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වසාභංග යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

ඊට අත්සන් ලබා ගැනීමේ කටයුතු ද ලබන සතියේ සිදු කිරිමටයි සැලසුම් කර ඇත්තේ. ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන මන්තී‍්‍රවරුන්ට අමතරව විශ්වාසභංග යෝජනාව සඳහා ආණ්ඩුවට සම්බන්ධ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද අත්සන් කරනු ඇති බවටයි පැවසෙන්නේ. 

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට මිට පෙර භාර දීමටයි සැලසුම් කර තිබුණේ.

එහෙත් අග‍්‍රාමාත්‍යවරයාට විරුද්ධ තවත් පිරිස් ඒකරාශී කර ගනිමින් ශක්තිමත් ලෙස අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය පසුව තීරණය කළා.