Friday, March 29, 2024

General line - 0115112241

ජපානයේ සිට ජනපති ෆේස්බුක් තහනම ගැන කරුණු කියයි




මහනුවර සහ අම්පාරේ ඇතිවූ සිදුවීම්වලින් පසුව සිදු කළ තාවකාලික ෆේස්බුක් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

සමාජයේ යහපත වෙනුවෙන් වන ඕනෑම ප‍්‍රවාහයකට දොර විවර කළද සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරිමට ක‍්‍රමයක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ, ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන අතරතුර ඊයේ (13) පස්වරුවේ එරට වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් හමුවූ අවස්ථාවේදීයි. 

අවාසනාවකට ශී‍්‍ර ලංකාවේ ඇතැම් දෙනා ජංගම දුරකථන, අන්තර්ජාලය, පරිගණක හා සමාජ මාධ්‍ය භාවිත කරන්නේ රට විනාශ කිරීමට බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. එබැවින් එවැනි සම්පත් නිසි ලෙස භාවිත කිරීම පිළිබඳ නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බවයි ප‍්‍රකාශ කෙරුණේ. 
ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයින්ට කරන බරපතල නින්දා කිරීම් වැනි දේ ඉවත් කළ යුතුයි. යහපත් හා නිවැරදි දේ පමණක් හුරුකරන මාධ්‍ය වැඩිවශයෙන් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.