Wednesday, April 24, 2024

General line - 0115112241

චීනය සමග ආර්ථික යුද්ධයක පැටලී සිටින අමෙරිකාව ගත් අලුත්ම තීරණය

පවිත්‍රා මදුහර්ෂණි




චීනයෙන් සිදු කරන භාණ්ඩ ආනයනයන් සඳහා ගාස්තු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ගාස්තුව අමෙරිකානු ඩොලර් බිලියන 60 ඉක්මවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හරහා අමෙරිකානු ජනාධිපතිවරයා චීනයේ තාක්ෂණික හා සන්නිවේදන ක්ෂේත‍්‍රයන්ද ඉලක්ක කර ඇතැයි සඳහන්.

පසුගිය අගෝස්තු මාසයේදී බලාත්මක කළ අමෙරිකානු වෙළඳ පනත යටතේ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා. 

ජනාධිපති ට‍්‍රම්ප් මෙම තිරණයට එළඹ ඇත්තේ අමෙරිකාව සිය රට සමග ආර්ථික යුද්ධයකට එළඹ සිටින බව චීනය ප‍්‍රකාශ කර ඇති පසුබිමක් තුළයි.