Friday, April 26, 2024

General line - 0115112241

"ශ්‍රී ලාංකීය ස්ලාමීය බැතිමතුන් මේ රටේ අනන්‍යතාව රැකෙන පරිදි කටයුතු කළ යුතුයි - ඔවුන් අරාබි ස්ලාමීය බැතිමතුන් වෙන්න ගියා "




ජාතියක් ලෙස ඉදිරියට යාමේදී ශී‍්‍ර ලාංකික අනන්‍යතාවය කුමක්දැයි නිවැරදිව හඳුනාගත යුතු බව මහා සංඝරත්නය පවසනවා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පැවසුවේ ජාතියක් ලෙස ජාත්‍යන්තරය හමුවේ නැගී සිටීමට නම් සියලූ දෙනා එක්සත් විය යුතු බවයි.

අනාගතයේදී ජාතියට නායකත්වය දිය හැකි තරුණයින් මුලා කර විවිධ කලහකාරී සිද්ධීන්වලට යොදා ගැනීමෙන් සිදුවන හානිය සුළුපටු නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ "මේ රටේ ශ්‍රී ලාංකීය ස්ලාමීය බැතිමතුන් අරාබි ස්ලාමීය බැතිමතුන් වෙන්න ගියා..මේක තමයි මේ ප්‍රශ්නයට මුල. මේ රටේ ඉපදිලා..මේ රටේ ජීවත් වෙන ස්ලාමීය බැතිමතුන් කටයුතු කළ යුත්තේ මේ රටේ අනන්‍යතාව රැකෙන පරිදියි." යනුවෙන් සඳහන් කෙරුණා.

පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් මෙම අදහස් පළ කළේ ඊයේ (13) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ  නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයේදීයි.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)