Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාව සහ බංගලියන් අද පිටියට




නිදහස් කුසලාන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දෙවන තරගය අද (14) පැවැත්වෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් බංග්ලාදේශය අද තරගය ජය ගැනීම අත්‍යාවශය කරුණක්.

තරග දෙකක් ජය ගෙන ඇති ඉන්දියාව අද තරගය ජය ගතහොත් ඔවුන් අනිවාර්යයෙන්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. 

බංග්ලාදේශය හා ශී‍්‍ර ලංකාව මේ වනවිට තරගාවලියේ එක් තරගය බැගින් ජය ගෙන සිටිනවා. එබැවින් ශී‍්‍ර ලංකාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි.