Thursday, April 25, 2024

General line - 0115112241

ධූරයෙන් පහ කෙරුණු අමෙරිකානු රාජ්‍ය ලේකම් රුසියාවේ ක්‍රියාකාරකම් ගැන අනතුරු අඟවයි

පවිත්‍රා මදුහර්ෂණි




රුසියාවේ කරදරකාරී හැසිරීම් හා කි‍්‍රයාකාරකම් සිය රටට තවදුරටත් බලපෑම් එල්ල කරමින් ඇති බව ජනාධිපති ට‍්‍රම්ප් විසින් ධූරයෙන් පහ කරන ලද  අමෙරිකාවේ රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසනවා.

ඒ සිය රාජකාරීවලට සමුදෙමින් ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ රුසියාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි. කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවේදී රෙක්ස් ටිලර්සන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ් ප‍්‍රතිපත්ති පිළිබඳව හෝ ඔහුට ස්තුති කිරීමක් හෝ සිදු කර නැහැ.

නව රාජ්‍ය ලේකම්වරයෙකු නම් කරමින් ජනාධිපති ට‍්‍රම්ප් ඊයේ රෙක්ස් ටිලර්සන් එම ධූරයෙන් ඉවත් කළා. එහෙත් මේ මස අග දක්වා එම ධූරයේ කටයුතු කිරීමට ඔහුට අවස්ථාව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.