Tuesday, April 16, 2024

General line - 0115112241

ජපානයේදී ජනපති හමු වූ මුස්ලිම්වරු (PHOTOS)




ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු නියෝජිත පිරිසක් ජනපති හමු වී තිබෙනවා. 

ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතළු පිරිස මෙලෙස ඊයේ (13) ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන පිරිසද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් ද ඊයේ (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වුණා.

වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් ඉතා හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබුවා.

(එම අවස්ථා දෙකෙහිම ඡායාරූප පහතින් දැක්වෙයි)

---------------------------------------