Friday, March 29, 2024

General line - 0115112241

ෆේස්බුක් ප්‍රශ්නය විසඳන්න ඉන්දීය නියෝජිතයෙක් එයි

හේමන්ත කහවලගේ




ෆේස්බුක් වෙත පිවිසිමට කර ඇති අවහිරතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් හෙට (15) දිවයිනට පැමිණීමට නියමිතයි.

එම කණ්ඩායමේ ප‍්‍රධාන සාමාජිකයින් ලෙස කටයුතු කරන්නේ දැනට ඉන්දියාවේ සිටින ෆේස්බුක් නියෝජිතයින්.

ප‍්‍රධාන ඉන්දීය නියේජිතයා හා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයාද වන ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.

එහිදී ෆේස්බුක් වෙත පිවිසීම සඳහා ශී‍්‍ර ලාංකිකයින්ට අවස්ථාව ලබා දීමට ඇති හැකියාවන් පිළිබඳ සාකච්ඡා කරනු ඇති.

මෙම සාකච්ඡාවේ ප‍්‍රතිපළ මත බොහෝ දුරට අනිද්දා සිට ෆේස්බුක් සීමාකිරිම ඉවත් කිරීමට හැකි වනු ඇති බවයි ආණ්ඩුව දැනටමත් ප‍්‍රකාශ කර ඇත්තේ.