Thursday, March 28, 2024

General line - 0115112241

අවසන් තීරණය ජනපති සතුයි

හේමන්ත කහවලගේ




හදිසි නීතිය තවත් දින කිහිපයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ පවතින තත්ත්වය සලකා එවැනි තීරණයක් ගත හැකි බවයි.

කෙසේවෙතත් ඊට අදාළ අවසන් තීරණය පවතින්නේ ජනාධිපතිවරයා සතුව බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. 

මහනුවර ප‍්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධීන් හේතුවෙන් හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කළේ ඉකුත් 06වැනිදා පස්වරුවේයි.

දින හතක කාලයක් සඳහා බල පැවැත්වන පරිදි හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කළ බවයි ඇමතිවරුන් පසුව ප‍්‍රකාශ කළේ. 

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳ තීරණය ජනාධිපතිවරයා විසින් ගත යුතු තීරණයක් බවයි. 

ඒ අනුව ජපන් සංචාරය නිම කර ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති. 

හදිසි නීතිය ඉවත් කිරිමට අදාළ ගැසට් පත‍්‍රයට අත්සන් කිරීමට ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා භූමිය තුළ සිටිය යුතුයි. ජපන් සංචාරය නිම කර තවත් දින තුනකින් පමණ ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.