Thursday, April 25, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය කල්දැමූ නුගේගොඩ රැළිය අවලංගු කරයි

හේමන්ත කහවලගේ




නුගේගොඩ පැවැත්වීමට තිබූ රැළිය නොපැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ එම රැළිය වෙනුවට ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පවත්වන බවයි. රැළි දෙකක් පැවැත්වීමට මේවනවිට කාලයක් නොමැති බැවින් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියා. 

ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පක්ෂ නායකයින්ගේ රැස්වීමක්ද අද (14) පැවැත්වීමට නියමිතයි.  එහිදී සාකච්ඡා කිරිමට අපේක්ෂිත කරුණු පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා සඳහන් කළේ අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ ඉදිරි කටයුතු සහ පළාත් පාලන ආයතන පිළිබඳ ඇති ගැටලු පිළිබඳවත් සාකච්ඡා කරන බවයි. වර්තමානයේ පවතින දේශපාලනික ගැටලු පිළිබඳවත් සාකච්ඡා කරන බව සඳහන් කළා.