Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ තැන තැන යළිත් කුණු කඳු - හේතුව මේකලු

තරංග රුක්ෂාන් ජයසේකර




කොළඹ නගරයේ කැලි කසල බැහැර කිරීම සම්බන්ධයෙන් යළිත් වරක් ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ කොළඹ නගරයේ මරදාන, දෙමටගොඩ, මාලිගාකන්ද ආදී ප‍්‍රදේශ කිහිපයක කැලි කසල ගොඩගැසී ඇති බවයි.

සතියක පමණ කාලයක සිට කැලි කසල ඉවත් කිරිම සිදු නොවන බවද ප‍්‍රදේශවාසීන් පැවසුවා. ජනතාව චෝදනා එල්ල කරන්නේ කොළඹ මහ නගර සභාවටයි. ඔවුන් පෙන්වා දෙන්නේ නිසි පරිදි කැලිකසල එක් රැස් කිරිමක් මේවනවිට සිදු නොවන බවයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ලලිත් වික‍්‍රමරත්නගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "මේ කුණු එකතු කරන් ගිහින් තවත් මනුස්සයෙකුගේ ගෙයක් ළඟ හලන එක නෙමෙයි නේ අපි කළ යුත්තේ.. ඒ නිසා අපි ජනතාවට කිව්වා මේ කුණු වෙන් කරන්න කියලා. දිරන කුණු වෙන් කරන්න ඕනේ. අපි දිරන කුණු කොම්පොස්ට් අංගනයකට භාරදීමටයි සැළසුම් කර තියෙන්නේ. ජනතාවගෙන් මේ සඳහා සහයෝගය ලැබෙන්න ඕනේ. කොළඹ නගරයේ කොටසක් මේ කුණු වෙන් කරලා දෙනවා..අපි ඒවා කිසිම ප්‍රශ්නයක් නැතිව එකතු කරනවා. සමහර පිරිසක් ඉන්නවා..කොහොම කිව්වත් වෙන් කරන්නේ නෑ.. ඒ අය තමයි මේ කුණු හොරෙන් හොරෙන් ගිහින් පාරවල්වල දාන්නේ." යනුවෙනි.