Saturday, April 20, 2024

General line - 0115112241

Facebook තහනම ගෙදර තියෙන මුව හමට තඩිබෑමක් වගේ මෝඩ වැඩක්




සමාජ මාධ්‍ය තහනම නඩත්තු කිරීම රටට ප‍්‍රදර්ශනය වනු ඇත්තේ, ගෙදර ඇති මුව හමට තඩි බෑමක් ලෙසට බව ජනතා විමුක්ති පෙරමුණ ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් පවසනවා. 

සැබැවින්ම ආණ්ඩුව කළ යුතුව තිබුණේ ජාතිවාදය හා ආගම්වාදය වපුරන, වෛරී ප‍්‍රකාශනයන්ට ඉඩ නොදී පූර්වයෙන් පියවර ගැනීමත්, අදාළ නීතිය උපරිම ලෙස ක‍්‍රියාවේ යෙදවීමත් බවයි එම ලිපියෙන් වැඩිදුරටත් පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මෙම ලිපිය යොමුකර තිබෙනවා.