Saturday, April 20, 2024

General line - 0115112241

ඉගෙනුම සහ ඉගැන්වීම පමණක් අධ්‍යාපනය නොවේ




අධ්‍යාපනය යනු ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය පමණක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද මූලිකත්වය දිය යුතු බවයි ඉසිපතන විද්‍යාලයේ නව පිහිනුම් තටාක සංකීර්ණය සහ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා අද (14) සඳහන් කළේ. සියලු ශිෂ්‍යයන් සඳහා ක්‍රීඩාව අනිවාර්ය කරනු ලැබුවේ ඒ අනුව බවයි එහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩි දුරටත් සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙම පිහිණුම් තටාකය සිසු අයිතියට පත්කෙරුනා. එම අවස්ථාවට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුද එක්ව සිටියා.