Thursday, April 25, 2024

General line - 0115112241

උදේනි අතුකෝරලට අධිචෝදනා




වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරලට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ අධි චෝදනා පත‍්‍ර කොළඹ මහාධිකරණය වෙත අද භාර දෙනු ලැබුවා. එහිදී හිටපු සභාපතිවරයා පෙර ඇප මත මුදාහැරීමටයි මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි නියෝග කළේ.

ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශය හරහා පස් ප‍්‍රවාහනය කිරීමට අවසර ලබාදීම සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනා මත හිටපු සභාපතිවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

නඩුව මැයි මස 16වනදා යළි කැදවීමට නියමිතයි.