Friday, April 26, 2024

General line - 0115112241

WhatsApp තහනම ඉවතට! Facebook සමාගමේ නියෝජිතයින් සමග සාකච්ඡාවක් හෙට

හේමන්ත කහවලගේ




වට්ස්අැප් සමාජ මාධ්‍ය ජාලයට පිවිසීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අද (14) මධ්‍යම රාත්‍රියෙන් පසු වට්ස්අැප් යෙදවුම යථාතත්ත්වයට පතවනු අැති.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම්වරයා වෙත ලබාදුන් උපදෙස් අනුව එම වාරණය ඉවත් කිරීමට තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. පසුගිය දිනවල සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතික සමගියට බාධා වන පරිදි ගෙන ගිය ප‍්‍රචාරයන් වැළැක්වීමේ සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංවිධානය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් සමාජ ජාල වෙත ප‍්‍රවේශවීමේ හැකියාව තාවකාලිකව සීමා කිරීමට රජය කටයුතු කළා.

රටේ ආරක්ෂක තත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වයිබර් සමාජ ජාලය වෙත ප‍්‍රවේශවීමේ සීමාවන් ඊයේ සිට ඉවත් කෙරුණා. 

ෆේස්බුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය හා අවේක්ෂණය කි‍්‍රයාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.