Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු නීතිපතිගේ නඩුව අත්හිටුවීමට එරෙහිව පෙත්සමක්




හිටපු නීතිපති හා අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු කටයුතු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා එම කොමිසම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළා.

මොහාන් පීරිස් නීතිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ අයුතු සහගත නීතිපති වාර්තාවක් ලබාදීම යන චෝදනාව යටතේ මෙම නඩුව පවරා තිබුණා.

ලෙකෝ සමාගමේ ඉඩම් සහ දේපළ මිලදී ගැනීමේදී සිදු වූ බව කියන දූෂණ හා අක‍්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීම වැළැක්වීම සඳහා මෙම වාර්තාව ලබාදී ඇති බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ රීට් පෙත්සමේ නඩු විභාගය අවසන් වන තුරු මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අත්හිටුවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ.