Friday, April 26, 2024

General line - 0115112241

නව පනතකින් රාජ්‍ය සේවකයින්ට තර්ජනයක්




උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ දී අද (14) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියා. 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. රාජ්‍ය සේවකයින් ද මෙමගින් තර්ජනයකට ලක්ව ඇති බවයි දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ. මෙතෙක් නීතිපතිවරයාට පමණක් හිමිව තිබු බලයක් අල්ලස් කොමිසමට හිමිවන බවයි ඔහු පවසන්නේ.

"හිතාමතා නොවෙයි අත්වැරදීමකින් හරි රාජ්‍ය සේවකයා අතින් වරදක් වුණොත් මේ විශේෂ අධිකරණයට ගෙනයාමට හැකියාව ලැබෙනවා. අමාත්‍යංශ ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරීවරයා දක්වාම සියලුම රාජ්‍ය සේවකයින් මේ නිසා බරපතල තර්ජනයකට ලක්වෙනව. ඒ වගේම මෙවැනි බයක් ඇති කිරීමෙන් රටේ සංවර්ධන ක්‍රියාවලියටත් බාධා ඇතිවනවා." යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.