Friday, April 19, 2024

General line - 0115112241

බිරිඳක් හඬා වැටෙද්දි සැමියා මැරීයැයි මරණ දඬුවම නියමවෙයි

කපිල සෝමරත්න - පානදුර




මොරටුව අඟුලාන ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි කොත්තු රොටි බාස් කෙනෙකු වු තම සැමියාගේ බෙල්ල තියුණු ආයුධයකින් කපා එම නිවසේ කාමරයකදී ඝාතනය කිරීම සම්බන්ධ අධිචෝදනාවට වරදකරුවු ඔහුග‍ෙ බිරිදට, පාණදුර පළාත්බද මහාධිකරණ විනිසුරු ධමිත් තොටවත්ත විසින් මරණීය දන්ඩනය නියම කරනු ලැබුවා.

මෙසේ මරණීය දණ්ඩනය නියමවුයේ අගුලානේ පදිචි 43 හැවිරිදි ඉලංගතිලක මුදියන්සේලාගේ බණ්ඩාර මැණික‍ේ නැමැත්තියටය.  ඇය අධිචෝදනා ලබා සිටියේ අැගේ සැමියාවු මොරටුව අගුලානේ පදිංචි සහබන්දු වීරක්කොඩි නැමැත්තාගේ බෙල්ල තියුණු ආයුධයකින් කපා වර්ෂ 2009-04-11 දින හෝ ආසන්න දිනකදී ඝාතනය කිරීම සම්බන්ධයෙනි.

විත්තිකාරියට විරුද්ධව නීතිපතිවරයා විසින් පවරා තිබුන නඩුවේ විභාගය අවසන් කරමින් නඩු තීන්දුව අද (14) දින විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

විත්තිකාරියට නගා ඇති අධිචෝදනාව අනුව පවුල් ආරාවුලක් නිසා මෙම ඝාතනය සිදු කිරීමට හේතුව වී ඇතිබව නිගමනය කෙරුනා.

මතුගම ප්‍රදේශයේ ඔහුට අනියම් බිරිදක් සහ දරුවන්ද සිටින බවයි විමර්ශනවලදී අණාවරණ වී තිබුණේ. අධිකරණ වෛද්‍ය සාක්ෂි අනුව මරණකරු සිය ගෙල තියුණු ආයුධයකින් කපාගෙන නොමැති බවත් ඔහුගේ ගෙල යමෙකු කපාදමා ඇති බවත් සදහන් කර ඇති බව නඩු විභාගයේදී සටහන් කරගත් සාක්ෂි අනුව සනාථවී ඇත.

පැමිණිල්ලෙන් ඉදිරිපත් කරන ලද පර්යේෂණ සාක්කි සහ වෙනත් සාක්කිමත විත්තිකාරියට විරුද්ධව ඇති අධිචෝදනාව සැකයෙන් තොරව ඔප්පු වුණා. එම නිසා විත්තිකාරිය අදාල අධිචෝදනාවට වරද කරු කරමින් ඇයට මරණ දන්ඩණය පමුණුවන බව විනිසුරුවරයා පැසුවා.

විත්තිකාරියට මරණ දණ්ඩනය නියම කිරීමට පෙර යම් හේතුවක් අැගේ නිදහසට තිබේනම් ප්‍රකාශකරන්නයැයි විනිසුරුවරයා ඇයට නියම කළා.

තමා විසින්  තම සැමියා ඝාතනය නොකළ බවත් පැමිනිල්ලේ සාක්කිකරුවන් අධිකරණය හමුවේ අසත්‍ය ප්‍රකාශ කරඅැති බ ව අැය කදුළු සලමින් පැවසුවා.