Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති ජපන් අගමැති අතර සාකච්ඡා! ජනපති සමග රාත්‍රී භෝජනයට ඔෂිනුත් එයි




ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව අද (14) පස්වරුවේ පැවැත්වුණා.

අනතුරුව, ටෝකියෝ නුවර පිහිටි ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපතිවරයාව අගමැති ෂින්සෝ අබේ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා

ඉන් අනතුරුව හමුදා උත්තමාචාර සහිත නිල පිළිගැනීමේ උත්සවය ඉතා  අභිමානවත් අයුරින් පැවැත්වුණේ දෙරටේ බැදීම මැනවින් විදහා දක්වමිනි. නිල පිළිගැනීමේ උත්සවය අවසානයේ නායක දෙපළ සුහද කතා බහකට එක්වූ අතර ඉන් අනතුරුව රාජ්‍ය නායක දෙළ අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඇරඹුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුවේ දී ජපාන - ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබද නව ගිවිසුමකට ද අත්සන් තැබුණා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා විසින් රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන්, ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය අද (14) රාත්‍රියේ ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ ටෙලි නාට්‍යයක් වන ඔෂින් ටෙලි නාට්‍ය මාලාවේ ඔෂින්ගේ චරිතය නිරූපණය කළ ශිල්පිණිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.