Friday, April 19, 2024

General line - 0115112241

අළුත්ම කාර්වල සුක්කානම ගැලවී යාමේ දෝෂයක් - වාහන සියල්ල යළි කැදවයි

දිනුක් හේවාවිතාරණ -විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජනප්‍රිය මෝටර් රථ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද නවීනතම මෝටර් රථ විශාල ප්‍රමාණයක් යළි කැදවීමට තීරණය කර තිබෙනවා. ඒ, එම කාර් රථවල "සුක්කානම" ගැලවී යාමේ දෝෂය හේතුවෙන්.

අමේරිකාවේ ප්‍රධාන පෙලේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන "ෆෝර්ඩ්" සමාගම ඔවුන් විසින් නිෂ්පාදනය කල කාර් රථ ලක්ෂ 14 ක් මෙලෙස යළි කැදවීමට තීරණය කර තිබෙන්නේ.

2014 වසරේ සිට 2018 වසර දක්වා කාලසීමාව තුලදී නිෂ්පාදනය කල "ෆෝර්ඩ්" Fusion සහ Lincoln MKZ sedans යන මාදිලියේ කාර් රථ 1400,000 ක් මෙලෙස නැවත කැදවිමට එම සමාගම තීරණය කර තිබෙනවා.

" සුක්කානමේ යම් දෝෂයක් පවතින බව වාර්තා වෙනවා, අපි ඉක්මනින් එම ගැටළුව නිරාකරණය කිරීමට පියවර ගන්නවා", ෆෝර්ඩ් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.