Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එන්න - විරාත් කෝලිට ඇරයුමක්

දිනුක් හේවාවිතාරණ-විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය ක්‍රිකට් පිලේ නිත්‍ය නායක විරාත් කෝලි හා ඔහුගේ බිරිඳ වන අනුෂ්කා ෂර්මාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ආරාධනාවක් සිදුකර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

" මම ඔහුට ආරාධනා කරනවා ඔහුගේ බිරිද සමග ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කියලා. ශ්‍රී ලංකාවේ බොහෝ ලස්සන තැන් තිබෙනවා ඔවුන්ට නරබන්න පුළුවන්. ඒ වගේම මම කියන්න කැමතියි ඔවුන් අපගේ විශේෂ අමුත්තන් ලෙසයි සලකන්නේ " ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පැවසූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුනා.

ශ්‍රී ලංකාවේ රූගත කල "බොම්බේ වෙල්වට් " චිත්‍රපටයේ රූගත කිරීම් අතර තුරේදී සිය පෙම්වතිය වන අනුෂ්කා ෂර්මා මුණ ගැසීම සදහා විරාත් කෝලි අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවට පැමිනි බව පසු කාලයේදී වාර්තා වුනා.